19න් පහළ ආසියානු කුසලානයේදී වැඩදාපු කොල්ලො ටික මෙහෙයවපු කවුද මේ නිපුන්..

122 Views
Generic placeholder image

නිපුන් ධනන්ජය

වයස – අවුරුදු 18යි

පාසල – වෙන්නප්පුව ශා.ජෝශප් විදුහල

පවුලේ අය – අම්මා,තාත්තා,මල්ලී,නංගී

19න් පහළ කි‍්‍රකට් කණ්ඩායම පසුගිය දවස්වල හිටියේ බංග්ලාදේශයේ. ඒ 19න් පහළ ආසියානු කුසාලාන තරගාවලියට ගිහිල්ලා. එහේදී අපරාජිතව අවසාන මහා තරගය වෙනකන් වැඩ දාපු පුංචි කොල්ලෝ ටිකට ඉන්දියාව හමුවේ අවසන් තරගය පරාද වුණු නිසා හිමිවුණේ අනුශූරතාව. මේ කට්ටිය මේ තරම් දුර අරන් එන්න හරියට කණ්ඩායම මෙහෙයවපු කෙනා තමයි කණ්ඩායමේ නායකයා නිපුන් ධනන්ජය. මේ දවස්වල ලංකාවේ පැවැත්වෙන 19න් පහළ බංග්ලාදේශ කණ්ඩායම සමග තරගාවලියකට සහභාගි වෙලා ඉන්න ගමන් ඔහු සති අන්ත පුවත් පතකට මෙසේ කියා තිබුනා

ආසියානු කුසලාන අවසන් තරගය පරාද වීම ගැන මොකද හිතන්නේ.?

අවසන් තරගයේදී අපේ සුළු අතපසුවීම් ටිකක් වුණා. ඒ නිසා තමයි අපි පැරදුණේ. ඒත් තරගාවලිය අපි හොඳට කළා කියලා සතුටුයි.

අවසන් තරගයේදී කණ්ඩායමේ තිබුණු සැළසුම් මොනවද?

විශේෂයෙන් දෙයක් සැළසුම් කළේ නැහැ. අනෙක් තරග වගේම හොඳට සෙලලම් කරන්න තමයි බලාපොරොත්තු වුණේ.

ඔබට කණ්ඩායමේ සාමාජිකයිනගෙන් ලැබුණු සහයෝගය කොහොමද ?

හැම කෙනාම හොඳින් ලකුණු අතර හිටියා. අපේ පන්දු රැකීම හොඳ මට්ටමක තිබුණා. මට හිටියේ හොඳම කණ්ඩායමක් මුලින්ම නායකයෙක් විදිහට කණ්ඩායමක් මෙහෙය වූයේ කොයි කාලෙද?

මුලින්ම නායකත්වය කළේ නාත්තන්ඩිය ධම්මිස්සර පාසලේ කි‍්‍රකට් කණ්ඩායමේ. ඊට පස්සේ මම අට වසරේදී ජෝසප් වාස් විදුහලට ආවා. ඒකෙදි මම 15න් පහළ කණ්ඩායමේ නායකයා වුණා.

මුලින්ම විදේශ සංචාරයකට ගියේ කොහේද?

2015 දී මැලේසියානු සංචාරයකට ගියා. 15න් පහළ කණ්ඩායමත් එක්ක.

විදේශ රටකදී කී‍්‍රඩා කරද්දි මොනවද හිතුණේ?

ඒ තරගාවලිය මම හොඳට කළා. තරගාවලියේ වීරයා වුණේ මම. ඒ නිසා මුල්ම විදේශ සංචාරය විශේෂයි. ඒ තරගාවලියේ ශූරයෝ වුණෙත් අපි.

කණ්ඩායමේ අය ඔබට කතා කරන්නේ කොහොමද?

නිපුන් කියලත් කියනවා. හැබැයි වැඩිපුර කතා කරන්නේ බට්ටා කියලා

කණ්ඩායම ඇතුලේ සහයෝගිතාව මොනවගේද?

අපි කට්ටිය හොඳ සහයෝගයෙන් ඉන්නවා, හැම කෙනාටම උදව් කරගෙන.

විදෙශ් කණ්ඩායම්වල යාළුවෝ ඉන්නවද?

15න් පහළ සංචාරයේදී මුණ ගැසුණු බංග්ලාදේශ කණ්ඩායමේ යාලූවෝ ඉන්නවා. පාකිස්තානය, ඉන්දියාව වගේ කණ්ඩායම්වලත් යාළුවෝ ඉන්නවා.

පුංචි කාලේ ඉඳලම කි‍්‍රකට් ගැහැව්වද?

ඔව් මුලින්ම තාත්තා මාව වසන්ත විජේසූරිය සර්ගේ කි‍්‍රකට් ක්ලබ් එකට දැම්මා. එතකොට මම තුන වසරේ. ඊට පස්සෙ ඒ කාලෙම ධම්මිස්සර පාසලේ 13න් පහළ ‘බී. කණ්ඩායමේ සෙල්ලම් කළා. පස්සේ පහ වසරේදී ‘ඒ. කණ්ඩායමට සෙල්ලම් කළා.

කවුද ඔබේ මුල්ම පුහුණුකරුවෝ

ධම්මිස්සර පාසලේ කීර්ති ජයසේකර සර්, තරංග ලියනපතිරණ සර්, නුවන් සර්. ජෝශප් වාස් විදුහලේ රන්දීර් කරුණානායක සර්.

මුලින්ම ශතකයක් වාර්තා කළේ කොයි වයසේදීද?

ධම්මිස්සර පාසලේදී 6 වසරේදී තමයි මුලින් ශතකයක් ගැහැව්වේ. ඒ කුලියාපිටිය සාරනාත විදුහලට ලකුණු 102ක් නොදැවී.

ගෙදරින් කවුද උදව් කරන්නේ.

හැමෝම උදව් කරනවා. විශේෂයෙන් තාත්තයි අම්මයි.

පුහුණුවීම් කරද්දී පාසලේ ඉගෙන ගන්න වැඩ වලට වෙලාවක් තියෙනවද?

තරගවලට ගියහම ගොඩක් ඉස්කෝලේ වැඩ මග හැරෙනවා. පාසලේ ගුරුවරු ඉතින් ගොඩක් උදව් කරනවා. මග හැරුණු පාඩම් කරගන්න.

ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ අය මුණගැසිලා තියෙනවද?

පුහුණුවීම් වලට ගියාම ගොඩක් අය මුණ ගැහෙනවා

ඒ මොහොතෙදි ප‍්‍රවීණ කී‍්‍රඩකයො මොකද කියනේ?

බැට් කරද්දී තියෙන අඩුපාඩු එහෙම කියා දෙනවා.

ඔබ කැමතිම කී‍්‍රඩකයෝ කවුද?

කුමාර් සංගක්කාර තමයි කැමතිම කී‍්‍රඩකයා.

අනාගත බලාපොරොත්තුව මොකක්ද?

ඉක්මනින්ම ජාතික කණ්ඩායමට සෙල්ලම් කරන එක

 


Latest Articles

SUBSCRIBE TO OUR YOUTUBE CHANNEL NOW

The Most popular channel in Sri Lanka