ඔන්න ඔය සිද්ධින්වලින් කළකිරීමට පත් වෙලා තමයි ඇය ශාරුක්ගෙන් මිදෙන්න තීරණය කරන්නේ.

5 Views
Generic placeholder image

ඉන්දීය සුපිරි තරුව ෂාරුක් ගැන කවුද නොදන්නේ. ඔහු ගැන කතා කරනකොට ඔහුගේ බිරිඳවත් අමතක කරන්නම බැහැ. වෘත්තියෙන් චිත්‍රපටි නළුවෙක් විදිහට බොහෝ දෙනා ෂාරුක්ව දැක්කත් ෂාරුක්ගෙත් ඔහුගේ බිරිඳ ගෞරිගෙත් ආදර කතාව හරියට චිත්‍රපටියක් වගේම තමයි. අදටත් ඇයට බොහෝ සෙයින් ආදරය කරන ඔහු, ඇය ගැන හැමෝම එක්ක කතා කරන්නේ ආඩම්බරෙන්.ඔවුන්ගේ ආදර කතාව ඇරඹෙන්නේ 1984 තරම් දුර අතීතයකයි.

ඒ දිනය හරියටම කියනවනම් 1984 ඔක්තෝම්බර් 25 වැනිදා Panchsheel ක්ල්බ් සමාජ ශාලාවේදී ඒ හමුවීම කොහොම වුණත් දෛවය සකස් කරපු ක්‍රමවේදයන්ට අනුව ගෞරි එක මොහොතක ෂාරුක්ගේ ඈතට යනවා. ඒකට හේතුව වුණේ මේකයි. ඒ වෙනකොට ෂාරුක්ගේ වයස අවුරුදු 19යි. ගෞරිගේ වයස අවුරුදු 14යි.හැබැයි මේ ප්‍රේමවන්තයා තමන්ගේ පෙම්වතියට දාලා තිබුණු නීති නම් ටිකක් තදයි. අනෙක් පිරිමි ළමයින් එක්ක කතා කරන එක, හිසකෙස් අපිළෙවලට තබා ගන්න ඒක, අන්න ඒ වගේ දේවල් ඇයට කරන්න තහනම්.

ඔන්න ඔය සිද්ධින්වලින් කළකිරීමට පත් වෙලා තමයි ඇය ඔහුගෙන් මිදෙන්න තීරණය කරන්නේ.මුම්බායි වලට ගිය තමන්ගේ ආදරේ හොයාගෙන ෂාරුක් අතිදුෂ්කර ගමනක් යන්නේ ඊට පස්සේ. ඒ වෙද්දි ඔහුගේ සාක්කුවේ සන්තකයට තිබුණේ රුපියල් 10,000ක මුදලක් විතරයි. දුම්රිය ස්ථානයට පැමිණි වර්තමාන සුපිරි තරුව, තමන්ගේ ආදරේ හොයමින් බංකුවල විදීවල නිදාගෙන කාලය ගත කළා. මුහුදු තීරය තමයි ඔවුන්ව මුණ ගස්සන්නේ. ඒ වෙනකන් අර කියපු චිත්‍රපටි කතන්දරයක් වගේ ඔවුන්ගේ හිත් ඇතුළේ ආදරය සුරක්ෂිතව තිබුණා. ඔවුන් දෙදෙනා එකිනෙකාට කොපමණක් ආදරය කරනවාද කියන එක ඔවුන්ගේ හිත් තේරුම් ගත්තාමුම්බායි වල මුණ ගැහුණු ෂාරුක් සහ ගෞරි මේ සම්බන්ධය ගෙවල් වලට කියන්න තීරණය කරනවා. ඒ කතාව ඒ තරම් පහසු වුණේ නැහැ. ඒත් ඔවුන් උත්සහවන්තව තමන්ගේ ආදරේ වෙනුවෙන් කැපවුණා.එදා එතන හිටපු හොඳම නැට්ටුක්කාරයත් ෂාරුක් කියලයි කියන්නේ. ෂාරුක් කොපමණක් කාර්යබහුල රංගන ශිල්පියෙක් වුණත් නිරන්තරයෙන් ප්‍රමුඛතාවය ලැබුණේ ඔහුගේ බිරිඳ වෙනුවෙන්. ඒ ගැන ෂාරුක් එක වරෙක කියනවා මගේ බිරිඳයි මට හැමදේටම කලින් ලැබුණේ. ඇය කිව්වොත් මගේ වෘත්තිය හා ගෞරි (බිරිඳ) අතර තෝරා ගැනීමක් කරන්න කියලා. නිසැකයෙන්ම මම චිත්‍රපටි කර්මාන්තය අත අරිනවා. ඇගේ සිනහව ඒ තරම් මට වටිනවා. ඒ තමයි මට තියෙන එකම දේ. මම ඇයට ආදරෙයි…..‘‘

 

 


Latest Articles

SUBSCRIBE TO OUR YOUTUBE CHANNEL NOW

The Most popular channel in Sri Lanka