කැනඩාව පෙන්නලා කොටිගණන් වස්තු රැස් කළ මාහාචාර්ය හාමුදුරුවෝ කොටු වුන හැටි

88 Views
Generic placeholder image

කැනඩාවේ රැකියා ලබා දෙන බව පවසා මහණ වෙස්‌ ගෙන අහුන්ගල්ලේ විහාරස්‌ථානයක රැඳී සිටිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි ගණනක මුදලක්‌ වංචා කරන ලදැයි අහුන්ගල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද චීවරධාරියා මේ මස 13 වැනිදා දක්‌වා තව දුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට බළපිටිය මහෙස්‌ත්‍රාත් සම්පත් ගමගේ මහතා 05 දා නියෝග කළේය. සැකකරුගේ අත් අකුරු සම්බන්ධයෙන් වූ රස පරීක්‍ෂක වාර්තාව ලැබී නොමැති බැවින් සැකකරු මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කරන බව මහෙස්‌ත්‍රාත්වරයා දැන්වීය. මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ කුරුණෑගල, යන්තම්පලාව ප්‍රදේශයේ පදිංචි වන්නිනායක හේරත් මුදියන්සේලාගේ ගාමිණී වන්නිනායක (55) හෙවත් මහාචාර්ය ගල්කුලමේ සෝරත නමැති අයයි. සැකකරුට අදාළව මුදල් වංචා සම්බන්ධයෙන් නඩු 41 ක්‌ අහුන්ගල්ල පොලිසිය මගින් පවරා ඇත. එයින් නඩු 22 ක්‌ මෙදින කැඳවීමට නියමිත බවත් ඉතිරි නඩු 19 නොවැම්බර් 19 දා කැඳවන බවත් අහුන්ගල්ල පොලිසිය කියයි. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්‌ථාවේදී ඔහු සතුව තිබී මුදල් රුපියල් එක්‌ කෝටි අටලක්‍ෂ විසිදහසක්‌, රුපියල් දෙලක්‌ෂ හැටපන්දහසක්‌ වටිනා රන් භාණ්‌ඩ, රුපියල් ලක්‍ෂ 70 ක්‌ වටිනා ජීප් රථයක්‌, රුපියල් පහළොස්‌ දහසක්‌ වටිනා අත් ඔරලෝසුවක්‌, ටැබ් පරිගණකයක්‌ සහ ජංගම දුරකථන කිහිපයක්‌ ද අහුන්ගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මුදල් වංචා කරන ලද පුද්ගලයන්ගෙන් අහුන්ගල්ල පොලිසියට ලැබුණු පැමිණිලි 41 ක්‌ මත ක්‍රියාත්මක වූ අහුන්ගල්ල පොලිසිය සැකකරුගේ දුරකථන සංවාද පරීක්‍ෂා කරමින් හා ලැබුණු තොරතුරු මත හලාවත මාරවිල ප්‍රදේශයේ සංචාරක හෝටලයක සැඟවී සිටියදී මොහු අත්අඩංගුවට ගෙන තිබේ. අහුන්ගල්ල, ගල්වෙහෙර මළුවවත්ත පුරාණ විහාරස්‌ථානයේ වැඩසිටි ගල්කුලමේ සෝරත නමින් පෙනී සිටි මෙම පුද්ගලයා තමා කැනඩාවේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයකු බවත් සිය පියා ද මහාචාර්යවරයකු බවත් ප්‍රදේශවාසීන්ට පවසා තිබෙන බවද පොලිස්‌ පරීක්‍ෂණවලදී තහවුරු වී තිබේ. මෙම පුද්ගලයා ප්‍රදේශවාසීන් විහාරස්‌ථානයට පැමිණි පසු ඉතා සූක්‍ෂ්ම අන්දමින් ඔවුන්ගේ සිත් දිනාගෙන තිබෙන බව අහුන්ගල්ල පොලිසිය කියයි. අහුන්ගල්ල, බදුල්ල, වැල්ලවාය, බණ්‌ඩාරවෙල, ගිනිගත්හේන, අවිස්‌සාවේල්ල, වැලිගම, කිතුල්ගල, මහනුවර, පල්ලෙකැලේ ආදී ප්‍රදේශවල පුද්ගලයන් එකසිය පනස්‌ දෙදෙනකු මුලාකරමින් ඔවුන්ගෙන් රුපියල් කෝටි අටකට අධික මුදලක්‌ සැකකරු මෙසේ වංචාකර තිබෙන බවද පොලිස්‌ පරීක්‍ෂණවලදී තහවුරු වී තිබේ. අහුන්ගල්ල පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සම්පත් පද්මලාල් මහතාගේ මෙහෙයවීම මත පොලිස්‌ සැරයන් පෙරේරා (11478) සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.


Latest Articles

SUBSCRIBE TO OUR YOUTUBE CHANNEL NOW

The Most popular channel in Sri Lanka