බාල්කේ බැඳපු සාරි ඔන්චිල්ලාවේ මියගිය කුමාරිගේ සිරුර පැද්දේ

183 Views
Generic placeholder image

නිවසේ කාමරයක බාල්කයේ මවගේ සාරියෙන් බැඳ දුන් ඔංචිලලාවේ ගෙල පැටලී එකොළොස්‌ හැවිරිදි දැරියක්‌ මරණයට පත් වූ සිද්ධියක්‌ පාතදුම්බර උඩගම්පහ කෝරළයේa හදිසි මරණ පරීක්‌ෂක නෝමන් කොස්‌තා මහතා සිදු කළ පරීක්‌ෂණයකදී අනාවරණය විය. වත්තේගම උඩුගොඩ මදුවන්ති කුමාරි ඒකනායක නමැති 11 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් මරණ පරීක්‌ෂණය පවත්aවන ලදී. දෙමාපියන් බැහැරව ගොස්‌ මිත්තිනිය සමඟ සිටි දැරිය තම පියා විසින් මවගේ සාරියකින් බාල්කයේ බැඳ දුන් ඔංචිල්ලාව පදිමින් සිටියදී සාරි පොටක පැටලී හුස්‌ම හිරවීමෙන් දැරියගේ මරණය සිදු වී ඇති බව හදිසි මරණ පරීක්‌ෂක ඩබ්ලිව්. නෝමන් කොස්‌තා මහතා ඉදිරියේ අනාවරණය විය. මරණ පරීක්‌ෂණය අඟහරුවාදා (06 දා) පැවැත්විණි. වත්තේaගම බාලිකා විද්‍යාලයේ හත්වැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබමින් සිටි මදුවන්ති කුමාරි ඒකනායක දැරියගේ මව වන චමිලා ඒකනායක (32) මහත්මිය සහ පියා උපුල් බණ්‌ඩාර ඒකනායක (33) මහතා ද, දැරියගේ මිත්තිනිය වූ සෝaමලතා විඡේරත්න (54) මහත්මිය ද හදිසි මරණ පරීක්‌ෂණයේදී සාක්‌ෂි ලබා දී තිබේ. තෙල්දෙණිය දිසා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි චින්තක රූපසිංහ මහතා පශ්චාත් මරණ පරීක්‌ෂණයක්‌ පවත්වා ඔංචිල්ලාවේ සාරි පොටක්‌ ගෙල පැටලීමෙන් හුස්‌ම හිරවීම දැරියගේ මරණයට හේතුව බව දක්‌වා ඇත. සාක්‌ෂි විභාග කොට පරීක්‌ෂණයක්‌ පැවැත්වූ පාතදුම්බර උඩගම්පහ කෝරළේ හදිසි මරණ පරීක්‌ෂක සාමවිනිසුරු ඩබ්ලිව්. නෝමන් කොස්‌තා මහතා රෝගයට හේතුව ඔංචිල්ලාවේ සාරි පොටක්‌ ගෙල පැටලීමෙන් හුස්‌ම හිරවීමෙන් සිදුවූ හදිසි මරණයක්‌ බවට නිගමනය කළේය. පන්විල පොලිස්‌ ස්‌ථානාධිපති පො. ප. පාලිත සෙනෙවිරත්න මහතාගේ උපදෙස්‌ මත පො. සැ. ධර්මසේන මහතා විමර්ශන පැවැත්ංවිය.


Latest Articles

SUBSCRIBE TO OUR YOUTUBE CHANNEL NOW

The Most popular channel in Sri Lanka