විශාලතම කඩදාසි කම්හල මෙන්න

71 Views
Generic placeholder image

”සමස්‌ත ජාතියට මහත් සේවාවක්‌ සැපයූ ඇඹිලිපිටියේ මහා කඩදාසි හල වසා දමා වසර 10කට වැඩියි. දසවසරක්‌ තිස්‌සේ සිත් වේදනා විඳිමින් මේ අවස්‌ථාවට එන්න අප හැම දෙනාම පෙරුම් පිරුවා” යයි ඕමල්පේ සෝභිත හිමියෝ පැවැසූහ. උන්වහන්සේ එසේ පැවැසුවේ ආසියා මහාද්වීපයේ ලොකුම කඩදාසි කම්හල ලෙස සැලකෙන ඇඹිලිපිටියේ පිහිටි මහ කඩදාසි කම්හල අක්‍රීයව වසර 6ක්‌ 10ක්‌ පමණ ගත වීමෙන් පසු ඉකුත් දින දේශිය ව්‍යාපාරිකයකු විසින් යළි ආරම්භ කිරීමට කම්හලට පැමිණි අවස්‌ථාවේ පැවති ආගමික උත්සවයට සහභාගි වෙමිනි. සෝභිත හිමියෝ තවදුරටත් මෙසේද පැවසීය. ජාති ෙද්‍රහී දේශ ෙද්‍රහී බලවේගවලට එරෙහිව කම්හලේ කාර්ය මණ්‌ඩලය සටන් කළා සේම කර්මාන්ත ඇමැතිවරයා වාර කිහිපයක්‌ කැබිනට්‌ මණ්‌ඩලය සමග සාකච්ඡා කර මහත් වෙහෙසක්‌ දරල දේශිය ව්‍යාපාරිකයෙකු වන අනුරුද්ධ අබේසේකර මහතාට ලබා දුන්නා. ජනාධිපතිතුමා ඇඹිලිපිටියට පැමිණි අවස්‌ථාවේ අපි එතුමාට කීව මේ පළාතට තියෙන එකම ප්‍රශ්නනය මේ කම්හල වසා දමා ඇති එක. අපිට ඒක යළි ගොඩ අරගෙන දෙන්න කියල අපි ඉල්ලීමක්‌ කළත් ඒවායේ ප්‍රතිඵල තමයි අද අපිට ලැබිල තියෙන්නේ. අනුරුද්ධ මහත්මා මේ මහා සම්පත වගකීමෙන් බාර ගත්තේ කාගෙවත් සාක්‌කුවලට ගිණුම්වලට කොමිස්‌ මුදල් දාන්න නෙවෙයි ලංකා ආණ්‌ඩුව ඇපයට තියලා මුදල් ගන්නේ නැහැ. බැංකුවලට ණය වෙන්නේ නැහැ. මේ ආයෝජකයා තමාගේම මුදලින් මේ කම්හල යළි පණ දෙනවා. සමස්‌ත ශ්‍රී ලංකික ව්‍යාපාරික ප්‍රජාවම ආඩම්බර විය යුතුයි. කොරියන් ස්‌පාක්‌ පැකේන් ප්‍රයිවට්‌ ලිමිටඩ් ආයතනයේ සභාපති අනුරුද්ධ අබේරත්න මහතාද මෙසේ පැවසීය. මේ අවස්‌ථාව අපට ලබා ගන්න මාස 10ක්‌ පමණ ගත වුණා. මම දකින විදිහට මෙම කම්හල විශාල හානියක්‌ සිද්ධ වෙලා නැහැ. මගේ දැනීමේ හැටියට මාස 6ක්‌ වගේ කාලයක්‌කදි යලි කඩදාසි නිෂ්පාදනය කරන්න පුළුවන් දිනකට මෙ.ටොන්. 50යි නිෂ්පාදනය කරලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මෙ.ටොන් 350 දක්‌වා වැඩි කරල රැකී රක්‌ෂා නිර්මාණය කරල විදේශ විනිමය උපයන්න. ඒ වගේම අපේ අරමුණ මේක නොවෙයි, තව කම්හල් දෙකක්‌ ආරම්භ කරනවා. අප්‍රිකාවට ඉන්දියාව වෙළද පොලට ඉන්දුනීසියාව, කෙන්යාව ආදී රටවලට නිෂ්පාදනය යවන්න ඕනි මේකට සියලු දෙනාගේම සහයෝගය ඕනි. මේක ඉතාම අවශ්‍ය දෙයක්‌ පත්තරයක්‌ නිෂ්පාදනය කරන්නේ නැතිව රටක්‌ ගෙනියනවා කියන එක විහිළුවක්‌ අපි මොනවා හරි ක්‍රමයකට කඩදාසියක්‌ හදාගන්න ඕන. අපි මේක හදල අවසානයේ ඊළඟ පරම්පරාවට බාර දෙනවා. මෙම අවස්‌ථාවට කම්හලේ හිටපු කම්හල් කළමනාකාරු ඡේ. සී අබේරත්න මහතා ඇතුළු නිලධාරීන් හා සේවක සේවිකාවෝ විශාල පිරිසක්‌ද එක්‌ව සිටියහ.

 


Latest Articles

SUBSCRIBE TO OUR YOUTUBE CHANNEL NOW

The Most popular channel in Sri Lanka