මරණය කල් දැමු නගරාධිපතිනිය – photo

69 Views
Generic placeholder image

මරණයට මෙි මොහොත නොවන බවත්, තවත් සිහිණ ඉතිරිව ඇතිබවත් ඔබ මරණයට නොබියව හා අභීතව කිව යුතුය.

එය කනෙන් අල්ලා මොහොතකට පසුපසට ඇද දැමිය යුතුය. එසේ කළ හැකිද ? ඔවු එසේ කළ හැක ඔබ ශක්තිමත් නමි පමණක්

 

 

 

2001 දී 17 හැවිරිදි නැමිබියානු පාසැල් ශිෂ්‍යාවක් ඇය පස් මසැති ගැබිනියක් බව දැනගන්නේ රෝහලක රුධිර පරීක්ෂාවකින් පසුවය. ඇය එයින් සැලුනේ නැත. නැමිබියාවෙ ඔනෑ තරමි පාසැල් ශිෂ්‍යාවෝ මෙි තත්වයට මුහුන දෙමින් සිටියහ.එය පොදු ඛෙදවාචයක්ව තිබිණි. එහෙත් වෛද්‍යවරැ ඇයට කළ ඊළග ප්‍රකාශයෙන් දැරිය වෙවුලා ගියාය. ඒ ඇයට ඒඩිස් රෝගය වැළදී ඇති බවත් දැන් ඇය HIV රෝග වාහකයෙක් බවත් දැනුමි දුන් විටය. මෙ පාසැල් ශිෂ්‍යාව ඡෝ ඇන් ලෙවී වැන් වික්ය (Jo ann livey van wyk) අණතුරව ඡෝ කමිපාවෙන් වැනි වැනී සිය නිවෙස වෙත පා නැගුවාය. ඇගේ නිවෙස පිහිටියේ කල්හාරී කාන්තාරයට මුහුණලා එහි දොරකඩය. වැහිවලාවක් වසරේ දිනකට දෙකකට දකින චන්ඩ සුර්ය තාපයෙන් ගමිබිමි දවන දරිද්‍රතාවයේ පතුලේ හිදින ඡනතාවක් වෙසෙන ඇගේ නිවෙස පිහිටා තිබුණේ Witvlei නගරයේය. හඩා වැටෙමින් තරැණිය සිද්ධිය සිය මවට කියන විට මව කෝපයෙන් දෙස් දොවොල් තිබිබාය.ඒ මොහොතේම ඇගේ මව තරැණියගේ අවමංගල්‍ය කටයුතු ලෑස්ති කල අතර සිය ඥාතින්ට ,අහල පහල නිවෙස්වලද නගරයටද කාරණය දැනුමි දීමෙන් එය ලැවි ගින්නක් සේ පැතිර ගි‍යේය. එහෙත් ඡෝ ට මියයාමෙ කිසිදු අවශ්‍යතාවයක් නොතිබිනි. අැය සිතුවෙ තවමත් ඇය පුංචි කෙල්ලක බවත් තවත් ඇය සිහින දැකිය යුතු බවත් පමණකි. ඉතින් ඡෝ සුපුරැදු පරිදි පසුවදා සිය පාසැල වෙත ගියාය. මොහොතකින් ඇයව සිය කාමරයට කැදවු විදුහල්පතිනය ඇය අතට අස්වීමෙ සහතිකය දුන්විට ඇය හඩා වැටුණි. ඇගේ හදවත සැලී ගියේය. ඡෝගේ සියලු සිහිනවල මාවත වැටී තිබුණේ උසස් අධ්‍යාපානය හරහාය. ඇය ගෙදර ගිය පසු ඇගේ මව මෙ පස්මස් දරැගැබ දරාගත් සිය දියණිය නිවසින් එළවා දැමුවාය. යන එන මං රහිතව ඇය නගරයේ වීදි දිගේ ඇවිදියනවිට කොල්ලෝ හු කිවූහ. මිනිසුන් ගල් ගැසූහ. අවසානයේ ඇගේ පිහිටට ආවෙි ආචිචි අමිමා පමණකි. නැමිබියාවෙ ඒඩිස් රෝග නිවාරණ වැඩසටහන් කල යුනිසෙෆ් සංවිධානය සිය මවගෙන් දරැවාට HIV වෛරසය පැතිරීයාම වැළක්වීමට ඡෝට ප්‍රතිඡිවක එන්නත් ලබා දුන් අතර තවත් මාස කිහිපයක ඇවෑමෙන් ඇය නීරෝගී පුත්‍රයෙකු බිහි කලාය. බිලිදාට ඒඩිස් රෝගය වැළදී නොතිබිණි. සතුටෙන් පිනාගිය ඡෝ ඈන්ට බලාපොරොත්තුවෙ නව මාර්ගයක් විවෘතව තිබිණි.ඇයට ආදරය කිරීමට මිනිසෙක් උපත ලබා ඇත.

ඉන් අණතුරැව ඈන් වහ වහා යුනිසෙෆ් සංවිධානය සංවිධානය කල ඒඩිස් මර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් දිනපතා වෙහසවු අතර මගදී අත්හැරැනු සිය උසස් අධ්‍යාපනය ව්‍යාපෘති කළමනාකරණ පාඨමාලාවකින් අවසන් කලාය. මෙි වනවිට නැමිබියාවෙ ඒඩිස් වැළදුන තරුණ තරුණියන් අතර ඡෝ ඡනප්‍රිය තාරාකාවක් විය. ඔවුනගේ බලාපොරොත්තුවෙ සහ ධෛර්යයේ ඡිවමය උදාහරණය ඡෝ ඈන් ලෙවී විය ඒඩිස් රෝගය වැළදී එය හා නොබියව සටන් කරන මෙ ගැහැණිය දැකීමත් ඔවුනට සතුටකි. එහි ප්‍රතිපලයක් ලෙස මෙ මරණය කරපින්නා ගත් ගැහැණිය 2007 එක්සත් ඡාතින්ගේ මහාමණ්ඩලයේ දේශනයක් කල අතර ඇගේ ඡනප්‍රිය බව ඉන් වඩා තීවිර විය. මෙම ඡනප්‍රියත්වය නැමති සාධකයෙන් මොනවට ප්‍රයෝඡනයට ගත් ඡෝ ඈන් සිය උපන් නගරයේ පුරපතිනිය වීම සදහා තරග වැදුනාය. ඇය 2010 Witvlei නගරයේ නගරාධිපති වීමෙන් එය අවසන් කලාය.එය ඡෝ ඈන් සිය ඉරණමට කළ සහාසික සරදමකි.මීට වසර නමයකට පෙර තමාට ගල් මුල් ගසා පරිභව කල මිනිසුන්ගේ දෑතින්ම ඇය සිය ගෙලට මල්මාලා පළන්දා ගත්තාය. ඇයට පරිභව කළ ඡනතාවම ඇයව නගාරාධිපති නිවෙසට ගෙන ගියේ ගී ගයමින් නටමින් හා වයලීන් වාදනය කරමිනි.. ” මගේ මරනය පුල පුලා බලාසිටි ඡනතාවකට මම පෙන්නුවා උමග කෙලවර ආලෝකය ඇති බව ” ඇය පසුව කීවාය. ඇගේ කතාව ලිවීමට ලේඛකයන් පොර වැදුනේ ඊට පසුවය. A diary from the land of the brave නවකතාව එහි ප්‍රථම උපතයි.මෙි මොහොත වනවිට ඡෝ ඈන් නැමති ගැහැනිය දුප්පත් ඡනතාවට ප්‍රතිලාභ බෙදී යනසේ දැවැන්ත නිවාස ව්‍යාපෘතියක් අවසන් කර දී ඇත.

2016 දී ඇය ඡර්මනියේ විශේෂ සහන වැඩ සටහනේ සමිබන්ධක නිලධාරියා වන අතර ඩිඡිටල් ඩයරි නැමති ඒඩිස් මර්ධන අන්තර්ඡාල සේවාව ක්‍රියාත්මක කරමින් සිටී. තවදුරටත් සිය සේවය උපරිමයෙන් යුනිසෙෆ් සංවිධානයේ ඒඩිස් නිවාරන වැඩ සටහන් වලට වැය කරන ඇගේ ආදරණිය පැතුම සිය ධෛර්යෙන් උපන් දරැවා යහපත් මිනිසෙක් ලෙස මෙි සමාඡයේ ඡිවත්වනු ඇතැයි යන විශ්වාසයයි. දැන් ඇගේ පුතාට වයස අවුරැදු 17 කි.

 


Latest Articles

SUBSCRIBE TO OUR YOUTUBE CHANNEL NOW

The Most popular channel in Sri Lanka